විඩෝඩෝට යළිත් ජනවරමක්



ඉන්දුනීසියාවේ පැවැති ජනාධිපතිවරණයෙන්, ජනපති ධුරය හොබවන යෝකෝ විඩෝඩෝ ජයග්‍රහණය කළ බව වාර්තා වේ.

ඉන්දුනීසියානු පුවත් සේවා මේ බව වාර්තා කළේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දීය. කෙසේ නමුත් ඉන්දුනීසියා මැතිවරණ බලධාරීන් නිල ප්‍රතිඵල නිකුත් කර නැත.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පමණක් නොව, පාර්ලිමේන්තු මැතිවරණය ද ඊයේ (17) පැවැත්විණි. ජනපතිවරණයේදී විඩෝඩෝගේ ප්‍රතිවාදියා වූයේ හිටපු හමුදා ජනරාල්වරයකු ද වන ප්‍රබාවෝ සුබියැන්තෝය.

විඩෝඩෝ ජයග්‍රහණය කළ බවට ලැබෙන වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ජනපතිවරණ ප්‍රතිඵලය තමන් පිළි නොගන්නා බවත් සුබියැන්තෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS