වසර 40 කට පසු පෝලියෝ හිස ඔසවයි



වසර 40 කට පසු ලන්ඩන් අගනුවරින්, පෝලියෝ වයිරස විෂබීජ හමුවීමත් සමඟ මහා බ්‍රිතාන්‍ය​යේ අවුරුදු 10 ට අඩු පොඞ්ඩන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ වී ඇත.

පෝලියෝ වයිරස විෂබීජ හමුවූයේ ලන්ඩන් නුවර අපවහන නළ පද්ධතියකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුවය.

අවුරුදු 10 ට අඩු දරුවන්ට බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ වූයේ ලන්ඩන් අගනුවරිනි. එන්නත් ලබා දීම මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ ආරක්ෂක ඒජන්සියේ මැදිහත් වීමෙන් සිදුවන බව ද පැවැසෙයි.

බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන්නේ දරුවන්ගේ වැඩි ආරක්ෂාවට බවත්, තවමත් මහා බ්‍රිතාන්‍යයේ කිසිදු තැනකින් පෝලියෝ ආසාදිතයකු හමුවී නැතැයි ද පැවැසෙයි.

එසේ වුවත් අපවහන පද්ධතියෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවුණු බැවින්, වයිරස ව්‍යාප්තියක් සිදුවීමේ බියක් හටගෙන තිබේ. ‘හදිසි තත්ත්වයක්’ ලෙස සලකා බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS