රාහුල් ගාන්ධිටත් කිට්ටුවෙලා



ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති කිරීම සඳහා ෆේස්බුක් ගිණුමේ දත්ත අවභාවිත කළ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ හිටපු ප්‍රධානියා සහ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි අතරේ හමුවක් පැවැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කේම්බ්‍රිජ් ඇනලිටිකා යනු බ්‍රිතාන්‍ය කේන්ද්‍රකොට ගත් උපදේශන සමාගමකි. ලබන 2019 දී ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙයි.

ඒ සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂයට සහාය දීමට කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ හිටපු ප්‍රධානී ඇලෙක්සැන්ඩර් නික්ස් සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත.

ඒ වෙනුවෙන් රාහුල් ගාන්ධි සහ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අතරේ ඉන්දීය රුපියල් කෝටි දෙක හමාරක ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිතව තිබුණු බව ද වාර්තා වේ. කෙසේ නමුත් එම ගනුදෙනුව සිදු නොවුණු බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

රිපබ්ලිකන් අපේක්ෂකයකු ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේ ජනාධිපතිවරණයෙනි. ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතු ඇරැඹුණේ 2014 වසරේ සිටය.

එම මැතිවරණ කටයුතු පරිපාලනය කරනු ලැබුණේ ‘කේම්බි්‍රජ් ඇන්ලිටිකා’ නමැති උපදේශන සමාගමක් මගිනි. එම සමාගම ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 50 කගේ තොරතුරු භාවිතා කරමින්, 2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ බව මේ වනවිට තහවුරු වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS