රාජ්‍ය ලේකම් ඉම්රාන් හමුවෙලා



ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පාකිස්තානයට පැමිණ එරට නව අගමැති ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තානය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පාකිස්තාන අගමැතිවරයාට පැවැසූ බව වාර්තා වේ.

රාජ්‍ය ලේකම් පොම්පේඕ ප්‍රකාශ කළේ ඉම්රාන් ඛාන් සහ පාකිස්තාන විදේශ ඇමැති මොහොමද් කුරේෂි සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වුණු බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS