යුද රහස් සොරකම් කරලා



උතුරු කොරියානු පරිගණක හැකර්වරුන් (පරිගණක දත්ත සොරා ගන්නා පුද්ගලයන්) පරිගණක ජාල ඔස්සේ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සතු රහස් දත්ත රැසක් සොරකම් කර ඇතැයි දකුණු කොරියානු රජය කියයි.

උතුරු කොරියාව විසින් සොරකම් කරනු ලැබූ බව පැවැසෙන්නේ ගෙගාබයිට් 235 ක පරිගණක දත්ත ප්‍රමාණයකි. එම දත්ත අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඝාතන සැලැසුම් ද ඇතුළත් වන බව පැවැසෙයි.

දත්ත ගබඩා කර තිබුණේ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ පරිගණක දත්ත ගබඩාවේය. එම දත්ත ගබඩාවට ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදා තිබුණ ද උතුරු කොරියානු හැකර්වරුන් එම ආරක්ෂක උපක්‍රම මඟ හැර දත්ත සොරා ගන්න ඇති බව දකුණු කොරියාව වැඩි දුරටත් කියා සිටී.

උතුරු කොරියා හැකර්වරුන්ට චීනයේ සහාය හිමිවන්න ඇතැයි ද සැකයක් හටගෙන ඇති බව දකුණු කොරියානු බුද්ධි අංශ කියයි. කෙසේ නමුත් දකුණු කොරියාවෙන් එල්ල වන චෝදනා උතුරු කොරියාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ද පැවැසෙයි. මෙම දත්ත සොරා ගැනීම සිදුවී ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS