මෝදිගේ පක්ෂයට තියුණු ජයක්



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ගම් ප්‍රදේශය මෙන්ම ඔහුගේ පක්ෂයේ බල කඳවුරක් ලෙස ද සැලකෙන ගුජරාට ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිපල මේ වනවිට නිකුත් වී ඇති අතර, භාරතීය ජනතා පක්ෂය ඉතා සුළු ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළේය.

භාරතීය ජනතා පක්ෂයට ප්‍රතිවාදී කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල විය. වසර ගණනාවකට පසු, කොංග්‍රස් පක්ෂයෙන් මෝදිගේ ජනතා පක්ෂයට මේ අයුරින් අභියෝගයක් එල්ල වුණු පළමු අවස්ථාව මෙය වෙයි.

නිකුත් වුණු ඡන්ද ප්‍රතිපල අනුව, ආසන 182 කින් සමන්විත ගුජරාට ප්‍රාන්ත සභාවේ ආසන 99 ක් දිනා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය. වසර 22 ක් තිස්සේ ගුජරාටයේ බලයේ රැඳී සිටින්නේ භාරතීය ජනතා පක්ෂයයි. ලැබූ මෙම ජයග්‍රහණයෙන් පසු ඉදිරි වසර කිහිපයේත් එය එසේම සිදුවේවි යැයි පැවැසෙයි.

මේ අතර හිමාචල් ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵල ද මේ වනවිට නිකුත් වී ඇත. හිමාචල් ප්‍රාන්ත සභාව ආසන 65 කින් සමන්විතය. මෙම ප්‍රාන්තය ද ජයග්‍රහණය කිරීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය. ඒ, ආසන 44 ක් දිනා ගැනිමිනි. දෙවැනි ස්ථානයට පත් වූයේ කොංග්‍රස් පක්ෂයයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS