මොගඩිෂු නුවර බෝම්බ පිපිරුමක්



සෝමාලියාවේ මොගඩිෂු අගනුවර රජයේ අමත්‍යාංශ පිහිටි හවුලවුඩාග් පළාතේ පිපිරීමක් සිදුවිය.

එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් සොල්දාදුවෝ හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 14 කි. ඔවුන් අතර කුඩා දරුවෝ හය දෙනෙක් වෙති.

ප්‍රහාරයේ වගකීම සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අල් ෂෙබාබ් සටන්කාමීන් විසින් බාර ගනු ලැබ ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් අමත්‍යාංශ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය.

(රොයිටර්)


RECOMMEND POSTS