මෙලානියා ධවල මන්දිරයේ පදිංචියට



පුතු බැරන් සමඟ නිව්යෝක් නුවර රැඳී සිටින නිසා තමන් ධවල මන්දිරයේ පදිංචියට නොපැමිණෙන බව ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිය මෙලානියා පවසා තිබුණ ද, ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඇය ධවල මන්දිරයේ පදිංචියට හැකි ඉක්මණින් පැමිණෙනු ඇතැයි කියාය.

ට්‍රම්ප් සහ මෙලානියා යුවලගේ පුතු බැරන් අධ්‍යාපනය ලබන්නේ නිව්යෝක් නුවරය. මෙලානියා පුතු බැරන් සමඟ නිව්යෝක් නුවර රැඳී සිටින බව පවසා තිබුණේ එහෙයිනි. 

ඒ අනුව, ඇමෙරිකන් ඉතිහාසයේ පළමු වරට ධවල මන්දිරයට නොපැමිණෙන ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් යැයි පැවැසිණි. 

 

(ඩේලිමේල්)


RECOMMEND POSTS