මෙලානියත් එනවා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිත හමුවට ට්‍රම්ප් බිරිඳ මෙලානියා ද සහභාගී වනු ඇති බව පැවැසෙයි.

සිංගප්පූරුවේ පැවැත්වෙන එම හමුවට මෙලානියා සහභාගී වන නිසා ඇය කැනඩාවේ කි්‍යුබෙක්හි පැවැත්වෙන, ලොව ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ජී 7 සමුළුවට සහභාගී නොවනු ඇති බව ද ධවල මන්දිරය පවසා ඇත.

48 හැවිරිදි මෙලානියා ට්‍රම්ප් පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකුණාය. ඒ, පසුගිය මැයි 14 වැනිදා ඇය වකුගඩු සැත්කමකට භාජන වීම හේතුවෙනි. සැත්කමින් පසු  ඇය සති කිහිපයක් විවේක ගත් බව ධවල මන්දිරය වැඩිදුරටත් වාර්තා කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS