මිසයිල ආරක්ෂක පද්ධතියක් මිලදී ගන්න අසාද් සැරැසෙයි



සතුරු ප්‍රහාරයකින් ගැලවෙමින්, ප්‍රති ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල පද්ධතියක් රුසියාවෙන් මිලදී ගැනීමට තමන් සූදානමින් සිටින බව බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියයි.

ජනපති අසාද් මේ බව කියා සිටියේ ‘සිරියන් ඇරෑබ්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවලදී මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය භාවිතයට ගැනීමට තමන් පසුබට නොවන බව ද සිරියානු ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

රුසියාව ද පවසා ඇත්තේ සිරියාවට මිසයිල ආරක්ෂක පද්ධති විකිණීමට තමන් උනන්දුවෙන් පසුවන බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS