මියන්මාර හමුදාව මර්දනය අරඹයි



ප්‍රජාතන්ත්‍ර නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන් අත්අඩංගුවට ගනිමින්, බලය අත්පත් කරගත් හමුදා පාලකයන්, හමුදා කුමන්ත්‍රණයට විරෝධය දක්වන මියන්මාර වැසියන් මර්දනය ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට හමුදා සන්නද්ධ රථ රටේ සියලු ප්‍රධාන නගරවලට යොදවා ඇතැයි ද වාර්තා වේ. විටින් විට අන්තර්ජාල පහසුකම් නවතා දැමීමට හමුදා පාලකයන් කටයුතු කළ අතර මේ වනවිට අන්තර් ජාල සේවා මුළුමනින්ම නවතා දමා ඇතැයි ද මාද්‍ය වාර්තා සඳහන් කරයි.

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව වැඩ වර්ජන පවත්වමින්, විරෝධතා රැලිවලට එක්වන වැසියන්ට පහර දීමටත්, වෙඩි තැබීමටත් හමුදාව පොලිසියට අණ දී ඇතැයි ද අසන්න ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ මියන්මාර හමුදාව, රටේ ජනතාවට එරෙහිය යුද්ධයක් ආරම්භ කර ඇති බවය.

මියන්මාර හමුදාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත් විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේට් පවසා ඇත.

යැංගොන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS