මැයි මාසයේ ගැටුම්වලින් සිවිල් වැසියෝ 350 ක් මැරිලා



ගෙවී ගිය මැයි මාසයේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉරාකයේ සිවිල් වැසියන් 350 ක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

සිවිල් වැසියන් මෙසේ මියගොස් ඇත්තේ ඉරාක රජයේ හමුදා සෙබළුන් සහ දයේෂ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අතරේ හටගන්නා දරුණු ගැටුම් හේතුවෙන් යැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

දයේෂ් ත්‍රස්තවාදීන්ට අයත් පළාත් මුදා ගැනීමේ මෙහෙයුම්වලදී ඉරාක රජයේ හමුදාට ඔවුන්ට හිතවාදී සටන්කාමී කල්ලිවල සහාය ද ලැබෙන බව වාර්තා වේ.

පසුගිය දා ඉරාකයේ උතුරුදිග නින්ඊව් පළාතේ සිදුවුණු ගැටුම් හේතුවෙන් සිවිල් වැසියෝ 160 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 52 කි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS