බ‍්‍රසීල කෞතුකාගාරයේ ගින්නක්



වසර 200 ක් පැරැුණි බ‍්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක් හටගත්තේය. බ‍්‍රසීලයේ පමණක් නොව, බ‍්‍රසීලය අයත් ලතින් ඇමෙරිකා කලාපයේ පැරැුණිතම කෞතුකාගාරය මෙය යැයි පැවැසෙයි.

කෞතුකාගාරය පිහිටා ඇත්තේ රියෝ දි ජිනැයිරෝ නුවරය. ගින්න හටගත්තේ රාති‍්‍රයේය. මිලියන 20 ක වැඩි කෞතුක භාණ්ඩ රැසක් මෙම කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇතැයි ද වාර්තා වේ.

කෞතුකාගාරයක් බවට පරිවර්තනය කිරීමට පෙර, මෙම ගොඩනැගිල්ල පෘතුගී‍්‍රසි රජ පවුලේ නිල මන්දිරය වී තිබුණි. ගින්නෙන් සිදුවුණු විනාශය අතිමහත්ය.

ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයෝ මහත් පරිශ‍්‍රමයක්  දැරූ බවත් එම උත්සාහය අසාර්ථක වුණු බවත් බ‍්‍රසීල පුවත් සේවා පෙන්වා දෙයි. ‘සිදුවුණු හානිය අතිමහත්. වචනයෙන් විස්තර කරන්න බැහැ. බ‍්‍රසීල ඉතිහාසය මුළුමනින්ම විනාශ වුණා’ යැයි රියෝ දි ජිනැයිරෝ බලධාරීන් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS