බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය හෙට



බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බැවින්, අගමැති බොරිස් ජොන්සන්ගේ තීරණයට අනුව, බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය හෙට (12) පැවැත්වෙයි.

ජොන්සන්ගේ කොන්සවර්ටිව් පාලක පක්ෂය සහ විපක්ෂය වන ජෙරමි කෝර්බින්ගේ කම්කරු පක්ෂය අතරේ තියුණු සටනක් පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළ වී ඇත.

අගමැති ජොන්සන් මෙන්ම විපක්ෂ නායක කෝර්බින් වෙන් වෙන්ව බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.

ඊට අමතරව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගැටලූ, ආර්ථික සහ පාරිසරික ගැටලූ, මෙන්ම විදෙස් ප‍්‍රතිපත්ති මෙවර මැතිවරණයේ දී ජයග‍්‍රහණයට හේතු සාධක වන කාරණා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS