බස් - ටිපර් අනතුරක්



ඕමානයේ හයිමා පළාතේදි සිදුවු බස්රථයක් සහ ට්‍රිපර් රථයක් එකට ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 35දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 9දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

පසුගිය දා බස්රථය අනතුරුට ලක්වන අවස්ථාවේදි පුද්ගලයින් 37 දෙනෙකු රැගෙන ධාවනය කරමින් සිට ඇති බව වාර්තා වේ.

අනතුරින් මියගොස් ඇත්තේ බස්රථයේ සහ ට්‍රිපර් රථයේ රියදුරන් දෙදෙනාය.

අනතුරුට ලක්වූවන්ගෙන් වැඩි පිරිසක් ආසියානුවන් සහ අරාබිවරුන් වන බව ටයිම්ස් ඕමාන් පුවත්පත වාර්තා කළේය. 

ප්‍රතිකාර ලබාදීම සදහා තුවාලකරුවන් පෙ.ව 9.30 පමණ ගුවන් මගින් රැගෙන යෑමට ඕමාන රාජකීය පොලීසිය කටයුතු කරන ලදී.

අනතුරු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS