පූසකුට කොරෝනා



බෙල්ජියමේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකුගේ සුරතල් බළලකුට ද කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි එම බළලා පරීක්ෂා කළ පශූ වෛද්‍යවරුන් පවසා තිබේ.

ආසාදිත තැනැත්තාගේ බළලා රෝගීව සිටින බැවින්, ඌ ගැන සොයා බලන්නැයි මහජන සෞඛ්‍ය බලධාරීන්, පශු වෛද්‍යවරුන්ට පවසා ඇති අතර, ඒ අනුව රෝගී වූ බළලා පරීක්ෂා කිරීමට පශු වෛද්‍යවරු පියවර ගත්හ.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, නිවෙස් තුළ සුරතල් සතුන්ට ආසාදනය වීමේ හැකියාවක් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. පළමුවෙන් ‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වූ බලු සුරතලුන් දෙදෙනකු ගැන වාර්තා වූයේ හොංකොංවලිනි.

කෙසේ නමුත් පූසකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

බ්‍රසල්ස් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS