පුතාට හමුදාවේ ඉහළ ධුරයක්



කාම්බෝජ අගමැති හුන්සෙන්, සිය වැඩිමල් පුත්‍රයා හන් මනෙට් හමුදා ධුරයක් සඳහා නම් කර ඇති බව එරට පුවත් සේවා වාර්තා කළේය.

විපක්ෂය චෝදනා කර ඇත්තේ කාම්බෝජ අගමැතිවරයා සිය බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගන්නා බවය.
ආරක්ෂක සේවයේ නිලතල ඔහු පවුලේ සාමාජිකයන්ට ලබා දීමට කටයුතු කරන්නේ ඒ නිසා යැයි ද චෝදනා එල්ල වෙයි.

හන් මනෙට් කාම්බෝජ රාජකීය හමුදාවේ ඉහළ නිලධාරියෙකු ලෙස කටයුතු කළේය.

අගමැතිවරයා ඔහුගේ බෑණා එරට නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් ද පත් කර තිබේ. අගමැතිවරයාගේ බාල පුත්‍රයා යුද හමුදාවේ කර්නල්වරයෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS