පාකිස්තානයෙන් මාලදිවයිනෙන් සුබ පැතුම්



ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තානයේ සහ මාලදිවයිනේ ජනාධිපතිවරුද අද (17) සුබ පැතූහ.

පාකිස්තානයේ ජනාධිපති අරිෆ් අල්වි සහ මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි මහත්වරුන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එසේ සුබ පැතුම් එක් කර තිබිණි.

කලාපීය සාමය, සෞභාග්‍ය සහ ස්ථාරවය සඳහාත් දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාත් ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් සමීපව කටයුතු කරන බව පාකිස්තානයේ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා හා මාලදිවයින අතර තිබෙන සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන බව මාලදිවයිනේ ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS