පාකිස්තාන අගමැති කාශ්මීරයේ සංචාරයක



පාකිස්තාන නිදහස් දිනය සමරමින්, එරට අගමැති ඉම්රාන් ඛාන් අද (14) පාකිස්තාන පාලනයට නතු කාශ්මීරයේ සංචාරය කළේය.

පාකිස්තාන කාශ්මීර වැසියන් සහ දේශපාලනඥයෝ පාකිස්තාන අගමැතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබූහ. අගමැති ඉම්රාන්ගේ පැමිණීම නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය.

ඉන්දියාවට නිදහස හිමිවී මුස්ලිම් බහුතරයක් වෙනුවෙන් පාකිස්තානය බිහිවීමෙන් පසු කාශ්මීරය ඉන්දීය පාලනයටත් පාකිස්තාන පාලනයටත් නතුව පවතී.

මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේය. මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් ඉන්දීය කාශ්මීරයට අයත් වෙයි. ඒ, ඉන්දීය රජය ඉන්දීය කාශ්මීරයට ලබා දුන් විශේෂ බලතල අහෝසි කිරීමෙනි.

ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ධුරයට පත්වීමෙන් පසු, පාකිස්තානයට අයත් කාශ්මීරයේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

පාකිස්තාන අගමැතිවරයා කාශ්මීරයේ ප්‍රාන්ත පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, තමන් කිසිදු අවස්ථාවක ඉන්දියාව සමඟ යුද්ධයකට නොයන බවත්, ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය රජය කටයුතු කළ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින්, ඉන්දු කාශ්මීර වැසියන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කිරීමට වෙහෙසෙන බවත්ය.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS