ප්‍රංශයේ කොරෝනා රෝගීන් 57 ට නගී



ප්‍රංශයේ කොරෝනා වයිරස රෝගීන් ගණන 57 දක්වා ඉහළ ගියේය. ඒ, අලුතින් රෝගීන් 19 දෙනකු හමුවීමත් සමඟය.

පැරිස් නුවරට උතුරු දෙසින් ඔයිසේ පළාතේ වයිරසය වේගයෙන් පැතිර යෑම හේතුවෙන් සියලු පාසල් වසා දැමීමට ප්‍රංශ සෞඛ්‍ය අමත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

පැරිස් නුවරට උතුරින් පිහිටි සෙරිල් හමුදා කඳවුරේ සොල්දාදුවන් අතරේ ද කොරෝනා වයිරසය පැතිරෙන බව වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS