ප්ලූටෝගේ මීතේන් කඳු



මීතේන් පිරි අයිස් කඳු ප්ලූටෝ මතුපිට ඇති බවට තමන්ට සාක්ෂි ලැබුණැයි තාරකා භෞතික විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කර ඇත.

මෙම අනාවරණය කර ඇත්තේ ප්ලයිමවුත් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය මැට් ටෙෆ්ලර් ඇතුළු විද්‍යාඥ කණ්ඩායමය.

ඒ, ප්ලූටෝ ගවේෂණයට නාසා ආයතනය යැවූ ‘නිව් හොරයිසන්’ රොබෝ යානයෙන් ලැබුණු දත්ත ද පාදක කර ගනිමිනි.
ප්ලූටෝට ඇති බව පැවැසෙන්නේ ඉතා තුනී වායු ගෝලයකි. අප පෘථිවියේ කාන්තාර පිහිටා ඇති ආකාරයට ප්ලූටෝ මතුපිට මෙම මීතේන් කඳු දකින්න ලැබෙන බව විද්‍යාඥ කණ්ඩායම වැඩි දුරටත් කියා සිටී.

ප්ලූටෝ මතුපිට මීතේන් මෙසේ ඝනීකරණය වීමට හේතුවී ඇත්තේ සෙන්ටිග්‍රේඞ් අංශක රින 230 ක අධි සීත කාලගුණයයි. ඊට අමතරව ප්ලූටෝ මතුපිට වේගවත් සුළං දහරා ඇති බව ද අනාවරණය කර තිබේ.

ප්ලූටෝ සැළකෙන්නේ කුරු ග්‍රහයකු ලෙසය. ප්ලූටෝ ග්‍රහලෝකයක් ලෙස නොසැළකෙන්නේ, ග්‍රහලෝකයකට තිබිය යුතු චරිත ලක්ෂණ ප්ලූටෝට නොමැති නිසාය.

(රොයිටර්)

 


RECOMMEND POSTS