පලස්තීන ඡන්දය කල් දමනවාට වැඩි දෙනා විරුද්ධයි



පලස්තීන ප්‍රාදේශීය ඡන්දය කල්දැමීමට පලස්තීන රජය ගත්  තීරණයට බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ  බහුතර ජනතාව විරුද්ධ බව මත විමසුමකින් අනාවරණය වී ඇත.

එම ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 1366 දෙනෙකු සහභාගි කරවා ගෙන දේශපාලන සංවර්ධනය සඳහා වන රූයා මධ්‍යස්ථානය විසින්  මෙම සමීක්ෂණය සිදුකර ඇත. එම සමීක්ෂණයට සහභාගිවූවන්ගෙන් 66.5%ක්ම පවසා ඇත්තේ ඡන්දය කල් දමනවාට ඔවුන් විරුද්ධ බවය.

සමීක්ෂණයට සහභාගිවූ අයගෙන් 55.8%ක්ම විශ්වාස කරන්නේ ඡන්දය කල් දැමීම දේශපාලන තීරණයක් බවය. 67.9%ක් පවසා ඇත්තේ නියමිත කාලයට පවත්වන නගර සභා ඡන්දයට තමන් සහභාගිවීමට ඉඩ තිබූ බවය.

මීට කලින් අරාබි පර්යේෂණ සහ සංවර්ධන ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කළේ පලස්තීනුවන්ගෙන් 76%ක්ම ඡන්දය කල් දැමීම අනුමත නොකරන බවයි.


RECOMMEND POSTS