නිව්යෝක් අධිකරණයක් එල්චාපෝ වරදකරු කරයි



මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයකු ද වන ජොකීන් ගුස්මාන් ලොයේරා හෙවත් ‘එල් චාපෝ’ ඇමෙරිකාවේ නිව්යෝක් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී වරදකරු විය.

එල් චාපෝ ඇමෙරිකාවට මත්කුඩු සැපැයීම කළ අංක එකේ බිහිසුණු අපරාධකරුවෙකි. මෙක්සිකෝ බලධාරීන් විසින් එල් චාපෝ අත්අඩංගුවට ගත්තේය. අවස්ථා දෙකකදී බන්ධනාගාරයෙන් පලා යෑමට එල් චාපෝ සමත් වුවත්, පසුව ආරක්ෂක අංශ විසින් ඔහු යළි අල්ලා ගන්නා ලදී.

පසුගිය මාස තුන පුරාවට නිව්යෝක් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ දී එල් චාපෝ ඔහුට එල්ල වී තිබුණු සියලුම චෝදනාවලට වදරකරු විය. ඒ අනුව, එල් චාපෝට ජීවිතාන්ත සිර දඬුවමක් හිමිවනු ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS