නව නීති ඕනෑ



ඉස්ලාම් දහමට අවමන් කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් රටවල් එක් වී, අන්තර් ජාතික වශයෙන් නව නීති සැකසිය යුතු යැයි පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් යෝජනා කර තිබේ.

ඉස්ලාම් දහමට අවමන් කිරීම් සිදුවන්නේ මුස්ලිම් රටවල් ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ එක් වී, නිසි පරිදි නීති සකස් කර නොමැති නිසා බව ද අගමැති ඉම්රාන් පැහැදිලි කරයි.

එසේ නීති සකස් කිරීමට නොහැකි වීම මුස්ලිම් රටවල දුර්වලකමක් බව ද ඉම්රාන් වැඩි දුරටත් කියා සිටී. ඉම්රාන් මේ බව කියා සිටියේ පාකිස්තාන සෙනෙට් මණ්ඩලය අමතමිණි.

මෙම කාරණාව සම්බන්ධයෙන්, පාකිස්තානය මැදිහත් වී, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු පහදා දීමට තමන් බලාපොරොත්තු වන බව ද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එම අවස්ථාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS