දුම්රිය ස්ථානයේ තෙරපීමකින් 22 ක් මරුට



ඉන්දියාවේ දුම්රිය ස්ථානයක සිදුවුණු තෙරපීමකින් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

සියයකට වැඩි පිරිසක් ස්වසන අපහසුතා සහ තුවාල ලැබීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තෙරපීම සිදුවූයේ මුම්බායි නුවර එල්පින්ස්ටන් දුම්රිය ස්ථානයේය. එම අවස්ථාවේ අධික වර්ෂාවක් ඇද හැළෙමින් තිබුණි. ඉන්දියාවේ වාණිජ අගනගරය ලෙස සැළකෙන්නේ මුම්බායි නුවරය. තෙරපීම හටගත්තේ දුම්රිය මගී පාලමේය.

වර්ෂාව මැද පොරකමින් දුම්රියට ගොඩවීමට මගීන් උත්සාහ කළ අවස්ථාවේදී තෙරපීම හටගෙන ඇතැයි දුම්රිය බලධාරීහු පැහැදිලි කරති. තෙරපීමට ලක් වූ වැඩි දෙනා නිවෙස් බලා යෑමට සූදානමින් සිටි කාර්යාල සේවකයින් බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවි.)

 


RECOMMEND POSTS