දරු ප‍්‍රසූතිය ප‍්‍රමාද කරලා



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන්, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති ඡුන්ද විමසුමට සහභාගී විය යුතු බැවින්, එක් මන්තී‍්‍රවරියක ඇගේ දරු ප‍්‍රසූතිය ප‍්‍රමාද කර ඇති බව වාර්තා වේ.

දරු ප‍්‍රසූතිය ප‍්‍රමාද කළේ 36 හැවිරිදි තුලිප් සිදික්ය. බංග්ලාදේශ සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක වන තුලිප්, බංග්ලාදේශයේ පළමු ජනාධිපති ෂෙයින් මුජිබර් රහ්මාන්ගේ මිණිබිරියයි.

තුලිප් සිදික් නියෝජනය කරන්නේ බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන කම්කරු පක්ෂයයි. සිසේරියන් සැත්කමක් මගින් දරු ප‍්‍රසූතිය කිරීමට වෛද්‍යවරු වෙන් කළ දිනය අද (15) ට යෙදී තිබුණි.

කෙසේ නමුත් ඡන්ද විමසුම හේතුවෙන් දරු ප‍්‍රසූතිය හෙට (16) ට කල් දමා ගැනීමට වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තුලිප්ට හැකියාව ලැබී ඇති බව බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS