තැපැල් කාර්යාලයක් වටලති



ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඇතුළු කිහිප දෙනකුගේ නමට තැපෑලෙන් පාර්සල් බෝම්බ යැවීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඒ ගැන පරීක්ෂණ පවත්වන එෆ්.බී.අයි. කාර්යාංශය ෆ්ලොරීඩාවේ තැපැල් කාර්යාලයක් වැටලූ බව වාර්තා වේ.

තැපැල් බෝම්බ යැවීම සිදුවූයේ පසුගිය 23 වැනිදාය. ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවයේ නිව්යෝක් නුවර කාර්යාලයට ද තැපැල් බෝම්බ ලැබුණි. ආරක්ෂක නිලධාරීන් විසින් පළමුව පරීක්ෂා කළ බැවින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.

එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් මැදිහත් වී, බෝම්බ පාර්සල් එවීම කළේ කවුරුන්දැයි සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර, අවසන් වරට බෝම්බ පාර්සලය යවා ඇත්තේ මෙම ෆ්ලොරීඩා තැපැල් කාර්යාලයෙන් බව තොරතුරු අනාවරණය විය. ඒ අනුව වැටැලීම සිදුවිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS