තාරාමස් තුල සඟවා මුදල් රැගෙන ආ ඊජිප්තු ජාතිකයෙකු කුවේට්හිදී අත්අඩංගුවට



පවුම් මිලියන1.36ක මුදලක් මරණ ලද තාරාවන්ගේ බඩේ සගවාගෙන කුවේට් රාජ්‍යට රැගෙන යෑමට උත්සහකල ඊජිප්තු ජාතිකයෙකු අස්සියට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේදි අත්අඩංගුවට ගන්නා ලදී. 

ඊජිප්තු ආගමන විගමන නිළධාරින්ට මෙම ගුවන් මගියා ගැන සැක සිතී පරික්ෂා කරන අවස්ථාවේදි ඔහුගේ ගමන් මල්ලේ සගවා තිබු මරන ලද තාරාවන් හමුවී ඇත. 

එම තාරාවන් පරීක්ෂා කරද්දි උන්ගේ බඩ ඇතුලේ සගවන ලද මෙම මුදල් තොගය හමුවී ඇති බව යූම්7 ප්‍රවෘත්ති සේවය වාර්ථා කලේය. 

රේගු නිළධාරීන් විසින් නීතිමය කටයුතු කිරීම සදහා රාජ්‍ය අධිකරණ දෙපාර්තුමේන්තුවට භාරදෙන ලදී. 

එම දෙපාර්තුමේන්තුව මගින් අවශ්‍ය නීතිමය පියවරයන් ගෙන මෙහුට විරුද්ධව ඉදිරියේදි නඩු පවරනු ඇත. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS