ත්‍රස්ත සැකකරුවෝ අටක් අල්ලා ගැනෙති



තෙහෙරාන් අගනුවරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා කළ මෙයෙයුම්වලදී තවත් අට දෙනකු අත්අඩංගුවට ගත් බව ඉරාන ආරක්ෂක අංශ කියයි.

පසුගිය බදාදා ඉරානයේ තෙහෙරාන් අගනුවරට අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම් දෙකක් පහර දුන්නේය. ඒ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ද වූහ.

ප්‍රහාරයට සම්බන්ධ එම අයි.එස්. ත්‍රස්තවාදීන් ඉරාන ජාතිකටන් බව ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ගනු ලැබ ඇත.
ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන් සොයා දිගටම මෙහෙයුම් සිදු කරන බවත් අත්අඩංගුවට ගැනීම් දිගටම සිදු කරන බවත් ඉරාන අධිකරණ අමත්‍යාංශය දැනුම් දී තිබේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS