ටොරොන්ටෝ නුවර වෙඩි තැබීමක්



කැනඩාවේ ටොරොන්ටෝ නුවර ග්‍රීක් ටවුන් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් නව දෙනකු රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ අවන්හලක් ඉදිරියේය. වෙඩි තැබීම කළේ තරුණයකු බවත්, ඔහු අවන්හල ඉදිරියට පැමිණ, සඟවා ගත් ගිනි අවිය එළියට ඇද අවට සිටින සැමට වෙඩි වරුසාවක් එල්ල කළේ යැයි සිද්ධිය දුටුවෝ පවසති. වෙඩි තැබීමට භාවිතා කර ඇත්තේ පිස්තෝලයක් බව පොලිසිය පවසා ඇත.

අවට සිටි පිරිසට වෙඩි තබා, තුවක්කුකරු ද වෙඩි තබා ගෙන දිවි නසා ගෙන ඇති බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී. වෙඩික්කරු සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් සිදුවෙමින් පවතී. එය ත්‍රස්ත ක්‍රියාවක් යැයි සැක කෙරේ.

‘වෙඩි ප්‍රහාරයට ලක් වී තුවාල ලැබූ 15 දෙනකු රෝහල් ගත කළා. ඔවුන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළයි. තුවාල ලැබූවන් අතර කුඩා දැරියක ද සිටිනවා. ඇයගේ තත්ත්වයත් බරපතලයි.’ යැයි පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS