ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාවේ හදිසි තත්ත්වයක්



ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය.

විදේශ කුමන්ත්‍රණකාරීන්ගෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වී, ජාතික ආරක්ෂාව අඩපණ වේවියැයි ඇමෙරිකන් ආරක්ෂක සහ බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින්, ජනපති ට්‍රම්ප් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ධවල මන්දිරය පවසා ඇත.

සයිබර් ප්‍රහාර යනු පරිගණක හරහා එල්ල වන කඩාකප්පල්කාරී ක්‍රියාය. ඇමෙරිකාව ආදී බටහිර රටවල සියලු කටයුතු පරිගණක ජාල ඔස්සේ සිදුවෙයි. එහෙයින්, හැකර්වරුන්ට (පරිගණක දත්ත සොරුන්ට) සයිබර් ප්‍රහාර හරහා රටක් අඩපණ කිරීම පහසුවෙන් කළ හැකිය.

සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු අගවා ඇත්තේ ඇමෙරිකාත් චීනයත් අතර මේ වනවිට නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය එසේත් නැතිනම් ‘වෙළෙඳ යුද්ධය’ මුල්කොට ගනිමින් යැයි ජගත් දේශපපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS