ජපන් සංචාරකයා මුදා හැරේ



ඔත්තු බැලීමේ චෝදනාවලට ලක්වී අත්අඩංගුවට ගනු ලැබ සිටි ජපාන සංචාරක ටොමෝයූකී සුගිමෝටෝ නිදහස් කර යළි ජපානයට පිටුවහල් කිරීමට උතුරු කොරියාව පියවර ගත්තේය.

උතුරු කොරියානුවන්ගේ අවසරය ලබා ගනිමින් ටොමෝයූකී සුගිමෝටෝ උතුරු කොරියාවට පැමිණ ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය.

ඔත්තු බැලීම් කළ බවත්, රටේ නීති උල්ලංගනය කළ බවත් චෝදනා කරමින් ටොමෝයූකී සුගිමෝටෝ අත්අඩංගුවට ගත් බව පැවැසිණි. ටොමෝයූකී සුගිමෝටෝ අත්අඩංගුවට ගත් හේතුව කුමක්දැයි උතුරු කොරියා රජය හෝ ජපානය හෝ නිවේදනය කර නොතිබුණි.

රොයිටර්


RECOMMEND POSTS