චෝදනා දෙකක් යටතේ දෝෂාභියෝගය ගේනවා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන එන්නේ, ප්‍රධාන චෝදනා දෙකක් යටතේ යැයි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය කියයි.

මේ වනවිට එම චෝදනා ඇතුළත් කරමින් දෝෂාභියෝගය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය වැඩිදුරටත් පවසා ඇත.

ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන එන්නේ, ඩිමොක්‍රටික් පක්ෂ කතා නායිකා නැන්සි පෙලෝසිය.

ට්‍රම්ප් සිය ජනාධිපති බලතල අනිසි ලෙස භාවිත කරමින්, 2020 එලැබෙන ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට මඩ ගැසීමට තැත් කිරීම බරපතල වරදක් බව කතා නායිකා නැන්සි පෙලෝසි චෝදනා කර ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS