චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා



චීනයේ සහාය නොමැතිව, මෙගාවොට් 750 ක විදුලිය ප්‍රමාණයක් නිපදවිය හැකි ජල විදුලි බලාගාරයක් තමන් තනිවම ඉදි කරනවා යැයි නේපාල රජය පවසා ඇත.

මෙම ජල විදුලි බලාගාරය ඉදි කිරීමට චීනය සහාය දීමට පොරොන්දු වී සිටියේය. කෙසේ නමුත් චීනය ඒ සම්බන්ධයෙන් ඉදිපත් කළ කොන්දේසි පිළිගැනීමට නොහැකි බවත්, එම කොන්දේසි අනුව චීනයට වැඩි වාසි අත්වන බවත් නේපාල රජය කියයි.

එහෙයින්, කෙසේ හෝ මුදල් සහ ප්‍රතිපාදන වෙන් කර, ජනතාවගේ විදුලි බල අවශ්‍යතා සපුරාලීමට විදුලි බලාගාරය ඉදිකරන බව නේපාල මුදල් ඇමැති යුබරාජ් කටිවාඩා මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS