චීන රොකට්ටු කැබැල්ල පහළට වැටේ



මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීනය කියයි.

ටොන් 21 ක් බර රොකට් කැබැල්ල කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දිගින් වන ඉන්දියානු සාගරයට යැයි ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වුණු චීනය වැඩි දුරටත් පවසා ඇත.

වසර 30 කට පසු, අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලකෙයි. චීනය 2022 දී සම්පූර්ණ කිරීමට නියමිත අභ්‍යවකාශ නැවැතුම්පොළක් නිපදවීම සිදු කරයි.

ඊට අවශ්‍ය කොටස් උඩු ගුවනයට ගෙන යෑම සිදුවන්නේ චීනයේ ලෝන්ග් මාච් රොකට්ටුවෙනි. රොකට්ටුව ඉහළට යද්දී ඒහි කොටස් එකිනෙක පහළ සාගරයට යැවීම සිදුවන නමුත්, එක් කොටසක් පාලනයෙන් ගිලිහී ගොස් පෘථිවි කක්ෂයේ රැදී තිබුණි. සති කීපකයට පසු කඩා වැටුණේ මෙම කොටසය.


RECOMMEND POSTS