චීන භූමි කම්පාවෙන් 100 ක් මරුට



නිරිතදිග චීනයේ හටගත් ප්‍රබල භූමිකම්පාවකින් 100 දෙනකු මියගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක් ලෙස සටහන් විය. භූමි කම්පාවෙන් කැළැඹී ගියේ සින්ජියැං පළාතය. මෙම පළාතේ කඳුකරබද පිහිටි ගම්මාන රැසක් භූමි කම්පාව හේතුවෙන් නායයෑම්වලට ලක් විය.

ගම්මාන රැසක වැසියන් පණ පිටින් වැළැලී ගියේ යැයි චීන පුවත් සේවා වාර්තා කර තිබේ. ප්‍රබල භූමි කම්පාවෙන් පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.3 ක් සහ 5.2 ක් ආදී වශයෙන් අතුරු භූ කම්පන රැසක් ද වාර්තා විය.

භූමි කම්පාව හටගත් පළාත්වල සිටි සංචාරකයන් 31,500  දෙනකු ආරක්ෂිත ස්ථානවෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත් බව ද වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS