චිත්‍ර පාසලේ ගින්නක්



ස්කොට්ලන්තයේ ග්ලස්ගොව් නුවර පරිගණක ග්‍රැෆික්, චිත්‍ර ඇතුළු කලා විෂයන් රැසක් ඉගෙන්වීම සිදු කරන ‘චිත්‍ර පාසල’ නමින් හැඳින්වෙන සරසවියේ යළිත් වරක් ගින්නක් හටගත්තේය.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව වාර්තා වේ. ගින්නෙන් හානි සිදුවූයේ සරසවියේ පරිගණක අධ්‍යාපන කටයුතු ලබාදීම සිදු කරන ගොඩනැගිල්ලටය.

ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වී නැති බව පොලිසිය කියයි. මීට පෙර මෙම සරසවියේ ගින්නක් හටගත්තේ මීට සිවු වසරකට පෙර යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS