ගුවන් යානයක් පැහැර ගනී



ඇමෙරිකාවේ සියැටල් ගුවන් තොටුපොළේ හිස් ගුවන් යානයක් පැහැරගෙන යෑමට එහි කාර්මික නිලධාරියකු සමත් විය.

කෙසේ නමුත් යානය පියාසර කරමින් යද්දී, ඇමෙරිකන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ඔහුට හරස් විය. ඒ සමඟම යානය කුඩා දුපතකට කඩා වැටුණි.

යානය පැහැර ගත් කාර්මික නිලධාරියා අවුරුදු 29 ක් වයසැති ඇමෙරිකානුවෙකි. ගුවන් යානට කඩා වැටීමෙන් ඔහු ජීවතුන් අතර සිටී ද යන්න සැක සහිත බව පැවැසෙයි. කඩා වැටීමෙන් පුපුරා විනාශ වුණු යානයේ සුන්බුන් පරීක්ෂා කරන බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.

(රොයිටර්)


RECOMMEND POSTS