ගුවන් යානය කුණාටුවකට මැදිවෙලා



පාකිස්තානයේ පස් දින නිල සංචාරයක යෙදෙන බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඞ්ල්ටන්, රැගත් ගුවන් යානය ලාහෝරයේ සිට ඉස්ලාමාබාද් අගනුවර බලා පියාසර කරද්දී ප‍්‍රචණ්ඩ කුණාටුවකට මැදි විය.

විලියම් සහ කේට් යුවල පාකිස්තානයට පැමිණියේත්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර සිට ලාහෝර් තෙක් ගියේත් ඉන්පසු යළි ඉස්ලාමාබාද් බලා පැමිණීමට සූදානම් වූයේත් බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයෙනි.

ඉස්ලාමාබාද් අගනුවරට බලපෑමේ අකුණු කුණාටුවකි. ඒ වනවිට ගුවන් යානය ලාහෝර් සිට කිලෝ මීටර් 270 ක් දුර ගෙවා ඉස්ලාමාබාද් අගනුවරට ළං වී තිබුණි. අකුණු කුණාටුවට මැදිවුණු යානය ගැස්සෙන්නත් පැද්දෙන්නත් විය.

යානයේ නියමුවන් ඉස්ලාමාබාද් අගනුවරට නුදුරින් රාවුල්පිණ්ඩි හමුදා ගුවන් කඳවුරට යානය ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. වෙන කළ හැකි කිසිවක් නොවුණු බැවින්, යානය ආපසු හරවාගෙන ලාහෝර් නුවරට යෑමට නියමුවෝ පියවර ගත්හ. ආපසු ලාහෝරයට ගිය බැවින් විලියම් කේට් යුවලට වැඩිපුර දිනයක් ලාහෝරයේ ගත කිරීමට අවස්ථාවක් උදාවිය.

ලාහෝර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS