ගුවන් ප්‍රහාර මාලාවකින් 42ක් මරුට



සිරියාවේ නගරයක් වන ඩයර් එශ්සර් හි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති අල්-මායාඩීන් නගරයට එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර සභාගගුවන් හමුදාව අඟහරුවාදා (ජුනි27)දින එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 42දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ජුනි 19 දින සිරියානු-ඉරාකදේශසීමාවේ පිහිටි ඇති තල් අල් ෂේයර්ප්‍රදේශයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් එකම පවුලකට අයත් සාමාජිකයින්12දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පොස්පරස් බෝම්බ එල්ල කිරීමට පනවන ලද තහනම නොතකා ජුනි09 දින සිරියාවේ නගරයක් වන රක්කා නගරයේ බටහිර කොටස අයත් අල්-මාෂ්ලාබ් හා අල්-සීනායා හි අසල්වැසි ප්‍රදේශ අතර ප්‍රදේශයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(sana.sy පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS