ගුවන් කලාපය විවෘත කෙරේ



එදිරිවාදිකම් හමුවේ උතුරු සහ දකුණු කොරියාව දෙරටේ ගුවන් කලාපය එකිනෙකාට තහනම් කර තිබුණු අතර, හොඳහිත වර්ධනය වීමත් සමඟ එම ගුවන් තහනම අද (1) සිට ඉවත් කෙරුණි.

ගුවන් කලාපයේ තිබුණු තහනම පමණක් නොව, මින් ඉදිරියට යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ හමුදා පෙරහුරු පවත්වන්නේ නැතැයි දකුණු කොරියාව සහ උතුරු කොරියාව එකිනෙකාට පොරොන්දු විය.

මේ අයුරින් දෙරට සාමය වර්ධනය කර ගැනීම සිදුවූයේ, පසුගිය මාසයේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, එරට නියෝජිත කණ්ඩායමක් ද සමඟ උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී ඇතිකරගත් එකඟතා අනුවය.

මේ වනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද මානසිකත්වයක් පවතින්නේ නැත. දෙපාර්ශ්වයම සාමයට කැප වී සිටී. තම මිසයිල වැඩසටහන සහ න්‍යෂ්ටික වැඩසටහන නවතා දැමීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් එකඟත්වය පළ කර ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS