කේරළයට පිහිට වෙන්න ඉම්රාන් ඛාන්



කේරළයට මානුෂීය ආධාර ලබා දීමට තම රජය සූදානම් යැයි පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය රජයට පවසා ඇත.

පාකිස්තානයේ 22 වැනි අගමැති ලෙස දිවුරුම් දුන් ඉම්රාන් මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

‘පාකිස්තාන වැසියන් වෙනුවෙන් ඉන්දීය කේරළයේ විපතට පත්වූවන්ට මම කනගාටුව පළ කරනවා. ඉන්දීය රජයේ විරෝධයක් නැතිනම්, මානුෂීය ආධාර ලබා දෙන්න අප සූදානම්’ යැයි ඉම්රාන්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. එදිරිවාදිකම් පසෙකළා ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීමට තමන් සූදානම් යැයි පාකිස්තාන නව අගමැති ලෙස ඉම්රාන් ප‍්‍රතිඥා දී ඇත.

මේ අතර, විදේශවලින් කේරළයට ආධාර අවශ්‍ය නැති බවත්, විපතට පත් වූ කේරළ වැසියන්ට අවශ්‍ය ආධාර ලබාදීම තමන්ට කළ හැකි බවත් ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත.

එන්.ඞී.ටීවී.

 


RECOMMEND POSTS