කෙරළයෙන් පලතුරු ගෙන්වීම තහනම්



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යමින් පවතින මොළයට හානි කරන මාරක ‘නීපා’ නමැති මාරක වයිරසය සැළකිල්ලට ගනිමින්, කේරළයෙන් එළවළු සහ පලතුරු ආනයනය නැවැත්වීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පියවර ගෙන ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් යනු කේරළරයෙන් නැවුම් එළවළු සහ පලතුරු මිලදී ගැනීම සිදු කරන ප්‍රධාන මැදපෙරදිග රාජ්‍යයකි. ‘නීපා’ නමැති මෙම වයිරසය මිනිසාට ආසාදනය වී ඇත්තේ පලතුරු වවුලන්ගෙන් බවත්, එය සිදුවී ඇත්තේ අඹ, කෙසෙල්, පැපොල් වැනි පලතුරු සහ එළවළු වර්ග හරහා බවත් ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කර තිබේ.

‘නීපා’ වයිරසය පැතිරීම ආරම්භ වී ඇත්තේ පෙරම්බ්‍රා පළාතේ පලතුරු වවුලන්ගෙන් යැයි ද පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි පැවැසෙයි. මේ වනවිට රෝගීන් 200 කට ආසන්න පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

‘නීපා’ වයිරසය ලොව පුරා පැතිරීමේ අවදානමක් පවතින හෙයින්, එය කේරළයට පමණක් සීමා කළ යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

‘නිපා’ වයිරසයට එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකර්මයක් හෝ මෙතෙක් සොයාගෙන නැත. වයිරසය ආසාදනය වන සියයට 70 ක පිරිසක් මියයන බව ද පැවැසෙයි.

‘නිපා’ වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ඉන්දීය රජයට සහ කේරළ බලධාරීන්ට අවශ්‍ය සහාය ලබා දීමට තමන් පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර ඇත. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින ලෙස විදේශිකයන්ට අනතුරු ඇඟවීම ද සිදු කර තිබේ.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS