කුණාටුව මැද ආපසු එන්න සූදානම්



සුළි කුණාටුවෙන් එල්ල වන බලපෑම

‘ස්පේස් එක්ස්’ පෞද්ගලික සමාගමේ ‘ඩ්‍රැගන්’ කැප්සියුලය ආධාරයෙන්, පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි නාසා ගගනගාමීන් දෙදෙනා බොබ් බෙන්කන් සහ ඩග් හර්ලි අද (2) යළි පෘථිවියට පැමිණීමට නියමිතය.

අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කර තිබුණු ගගන කැප්සියුලය ගගනගාමීන් දෙදෙනා සමඟ පෘථිවි වායු ගෝලයට ඇතුළු වී, පැරෂූට් ආධාරයෙන් උතුරු අත්ලාන්තික් සාගරයට පතිත වීමට නියමිතව සිටි නමුත් උතුරු අත්ලාන්තික් සාගරයේ වර්ධනය වූ ‘ඊසාඊයේස්’ සුළි කුණාටුව ඊට හරස් වී ඇතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

සුපුරුදු පරිදි පැරෂූට් ආධාරයෙන් මුහුදට වැටෙන කැප්සියුලය සොයා ගැනීමට ඇමෙරිකන් නාවික හමුදාව එය පතිත වන ස්ථානය අසල රැඳී සිටී. ‘ඊසාඊයේස්’ සුළි කුණාටුව හේතුවෙන් ගගනගාමීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කරන බව නාසා ආයතනය අවධාරණය කර තිබේ.

‘ඊසාඊයේස්’ සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 136 ක වේගයකින් පුවර්ටෝ රීකෝ, බහාමාස් සහ ඩොමිනිකන් රිපබ්ලික් යන කැරිබියානු රටවලට කඩා වැදී මහ ව්‍යසනයක් සිදු කළේය. ඇමෙරිකාවේ අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි ප්‍රාන්ත 19 කට ද සුළි කුණාටුවේ බලපෑම් එල්ල වී ඇත.

‘ඩ්‍රැගන්’ කැප්සියුලය කැප්සියුලයේ යළි පැමිණීම ඇමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ගගනගාමීන් දෙදෙනා රැගෙන ‘ඩ්‍රැගන්’ කැප්සියුලයට උඩු ගුවනට ගියේ පසුගිය මැයි 30 වැනිදාය. ‘ඩ්‍රැගන්’ කැප්සියුලය උඩු ගුවනට රැගෙන ගියේ ස්පේස් එක්ස් සමාගම විසින් නිර්මාණය කරනු ලැබ ඇති ‘ෆෝල්කන් 9’ රොකට්ටුවය.

ඩ්‍රැගන් ගගන කැප්සියුලය

නාසා ආයතනය ඔවුන්ගේ ෂටල වැඩසටහන අවසන් කිරීමෙන් පසු ඇමෙරිකාවෙන් ගගන කැප්සියුලයක් හා රොකට්ටුවක් උඩු ගුවනට යැවූ පළමු අවස්ථාව මෙය විය. ඩ්‍රැගන් කැප්සියුලය ගගනගාමීන් දෙදෙනකු සමඟ ආපසු පෘථිවියට පැමිණෙන පළමු අවස්ථාව ද මෙයයි.

නාසා ආයතනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS