කැරිබියානු දූපත් කළඹන්න ‘මරීයා’ එනවා



‘ඉර්මා’ සුළි කුණාටුවෙන් හානි සිදුවුණු කැරිබියානු දූපත් හරහා තවත් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් හමා යෑමට නියමිත බවත්, කාලගුණ විද්‍යාඥයන් මෙම කුණාටුව ‘මරීයා’ යනුවෙන් නම් කර ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හෙට (19) සවස් වනවිට ‘මරීයා’ සුළි කුණාටුව ඇමෙරිකාවට ඔබ්බෙන් පිහිටි කැරිබියානු දූපත් හරහා හමා යනු ඇතැයි ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ලීවර්ඩස්, ග්වදේලූප්, ඩොමිනිකා, ශාන්ත කයිට්ස්, නෙවීස්, මොන්ට්සර්ට් සහ මාටිනීකි යන කැරිබියානු දූපත්වලට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට දඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS