කාන්තාවක් කිංග් අබ්දුල්-අසිස් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදි දරුවකු ප්‍රසූත කරයි



නයිජීරියානු කාන්තාවක් කිංග් අබ්දුල්-අසිස් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදි ගැහැණු දරුවකු ප්‍රසූත කරයි.  

ඇය ගමන් කිරීමට නියමිත ගුවන්යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපොලේ සිට ඇති අතර හදිසියේම ඇයට දැඩි වේදනාව තත්වයකට මුහුණදීමට සිදුව ඇත.  

ගුවන්තොටුපොල නිළධාරීන් විසින් වහාම ඇයව ගුවන් තොටුපොලේ ඇති සායනයට ඇතුලත් කරන ලදී.

වෛද්‍ය සල්මා බාක්‍රී විසින් නායකත්වය ලබාදුන් වෛද්‍ය කණ්ඩායම විසින් ඇයව පරීක්ෂාකර දරු ප්‍රසූතිය සදහා සහය ලබාදී ඇත.

මව සහ දැරිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා රියාද් නුවර මාතෘ සහ ළමා රෝහල වෙත යවන ලදී. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS