කටාර් මගීන් ප්‍රතික්ෂේප කරයි



කටාර් වැසියන් රැගෙන යෑම ප්‍රතික්ෂේප කිරීමට ඔස්ට්‍රේලියාකොන්ටාස් ගුවන් සේවය තීරණය කළේය.

කොන්ටාස් ගුවන් සේවය මෙසේ තීරණය කළේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා ලැබ සිටි කටාර් රාජ්‍යයට තම විරෝධය පළ කරමිනි.

කොන්ටාස් ගුවන් සේවය මෙසේ ප්‍රතික්ෂේප කර ඇත්තේ ඩුබායි බලා ගමන් ගන්නා මගීන් රැගෙන යෑම යැයි ද ඔස්ට්‍රේලියා පුවත් සේවා වාර්තා කර ඇත.

මේ අතර පිලිපීන රජයේ ගුවන් සේවා පවා කටාර් වැසියන් රැගෙන යෑම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඊජිප්තුව ඇතුළු මැද පෙරදිග රටවල් පමණක් නොව, යේමනය, ලිබියාව, මාලදිවයින ආදී රටවල් ද කටාර් රාජ්‍යය සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට තීරණය කර තිබේ. ඒ කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා කරමිණි. කටාරය එල්ල වන එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS