කංසා භාවිතය හොඳ නෑ



කංසා භාවිතය සිරුරට අහිතකර යැයි කැනඩාවේ නිල සංචාරයකට පැමිණ සිටින නෙදර්ලන්ත අගමැති මාර්ක් රූත් පෙන්වා දී ඇත.

නෙදර්ලන්ත අගමැතිවරයා මේ බව කියා සිටියේ, කැනඩාව පසුගිය දා කංසා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කළ බැවිනි. කංසා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කළ දෙවැනි රට කැනඩාව යැයි පැවැසෙයි.

නෙදර්ලන්තයේ ද කංසා අලෙවිය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වන්නේ නැත. නෙදර්ලන්තයේ අඩු මාත්‍රාවකින් කංසා අලෙවිය බෙදා හැරීම කළ හැකිය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS