ඕමාන අමාත්‍යාංශ හතරක සේවා නවතී



ලොව පුරා පරිගණක දහස් ගණනක පැතිර යන කප්පම් වෛරසයට මුහුණ දීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස ඕමාන මිනිස් බල අමාත්‍යාංශය සිය ඉ-සේවාවන් පැය 48ක කාල සීමාවකට අත්හිටුවා ඇති බව Shabiba පුවත්පත නිවේදනය කළේය.

තම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන පැමිණිලි සේවාව, නිවාඩු සේවාව, වානිජ බලපත්‍ර සේවාව සහ බලපත්‍ර ඉල්ලුම් සේවාව යන ඉ-සේවාවන් තාවකාලිකව වසා දමා ඇති බව මිනිස් බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පරිසර හාදේශගුණකටයුතු, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍යයන අමාත්‍යාංශය ඉ-සේවාවන් තාවකාලිකව අත්හිටවු අමාත්‍යාංශ වේ.

ඊට අමතරව මස්කට්මහ නගර සභාවද තම ඉ-සේවාවන් අත්හිටුවු බව නිවේදනය කර ඇත.

අනිකුත් අමාත්‍යාංශ තම ඉ-සේවාවන් තවකාලිකව අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS