එමිරේටයට සයිබර් ප්ර හාරයෙන් බලපෑමක් නැතිලු



ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්වු පරිගණක වෛරසයක් වු Wanna Cry තම රටට කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බව එක්සත් අරාබි එමිරේට්ස් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව පවසයි.

“මේ දක්වා කිසිදු සිද්ධියක් වාර්තා වෙලා නෑ, මෙම වෛරසය ස්මාර්ට් ජංගම දුරකථන සහ පරිගණක වලට ඇතුල් වී එහි ඇති තොරතුරු කියවීමට නොහැකි කේත ක්‍රමයකට (encrypt) වෙනස් කර එම තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් තමන්ට කප්පම් ගෙවන ලෙසට දැනුම් දෙයි, ඔවුන්ට එම කප්පම් මුදල ගෙවනකම් එම දත්ත භාවිතා කරන්න ඉඩ ලබා දෙන්නේ නෑ’’ එමිරේටස් පරිගණක හදිසි සංසදය පවසයි. 

මෙම වෛරසය නිසා වෙනත් රටවල විශාල ආයතන ගණනාවකට බලපෑම් එල්ලවී ඇති බව එමිරේටස් පරිගණක හදිසි සංසදය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දැනට සයිබර් ප්‍රහාරයන් 45,000ක් රටවල් 74කින් වාර්තා වී ඇති බවත් එය මුලික පරීක්ෂණ වලදී සනාථ කර ගත් දත්තයන් පමණක් වන අතර එය තවත් ඉහළ යාහැකි බව ප්‍රති-වෛරස මෘදුකාංග සපයන ආයතනයක් වන කැස්පර්ස්කයි ආයතනය පවසයි.

තමන් නොදන්නා විද්‍යුත් ලිපි විවෘත කිරීමෙන් වළකින ලෙසටත් අන්තර්ජාලය භාවිතා කිරීමේදි වඩාත් පරීක්ෂාකාරි වන ලෙසට එමිරේට්ස් විදුලි සංදේශ නියාමන කොමිසම් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)

 


RECOMMEND POSTS